Saturday, December 5, 2009

සුළඟේ ලෙළෙනා...












කාලයත් ගෙවිලා ගිහින්
එකට උගෙන - එකට කොපි කළවුන්
එකෙක් වෙනුවෙන් හැමෙකාම ගුටි කෑ
වෙරළු ගෙඩි නැතත් - එක පාන් කාලක්
උදුරගෙන හරි බෙදා ගෙන කෑ
කාලයත් ගෙවිලා ගිහින් 



කාලයත් ගෙවිලා ගිහින්
නොවියැකෙන සුවඳක් හොයා ගෙන
මතක මංපෙත් දිගේ
අම්මගෙ තුරුලට ඇවිල්ලා
හැමදාම වගේ නිහඬයි
ඒත් ඇය සතුටින්
එක්කහු වුනේ,

ලොකු මහත් වුන දරුවන් පමණක් නොවේ
විසිරුනු ලෙන්ගතුකමත් නිසා
"අ" යන්නේ සිට - හොඳ, නරක කියා දීපු
අම්මව රැක ගන්න,

පුතාලා ටික එකතු වෙලා

1 පාඨක හැඟුම්:

~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~* said...

Mama Adamai Oyage Me Page ekata Godawedune..
Harima Lassanai Alankarai..
Hugak lassanata Galapala Nirmanaya karala Thiyanawa..
Hugak Dura etha Gamanak yanna Oyata Puluwan
Magen Subapethum

~sadamala~

Post a Comment

හැඟුමක් තබා නික්මෙන්න. :)